Friday, May 3, 2013

වැස්ස

සිව් දෙසින් 
එකතු  වෙන 
මහා කළු වලාකුළු 
වසා මුළු අහසම
අන්ධකාරය පතුරනා 
විදුලි එළියෙන් 
මේඝ ගර්ජනාවෙන්
නොකඩවා ඇදහැලෙන 
මහා වර්ෂාවෙන්
අවදි විය
මතකයක්

බොහෝ කලකට පෙර
ඇද වැටුණු
අසනි වරුසාව
ඉඩෝරය නිමා කල මුත්

කාලය
නිරුදක කතර
මැද
නැවතිණි.... 


2 comments:

  1. වර්ෂාව..
    අමතක කරන්නට, සොදා හරින්නට...
    මතකයන් සිත විඩාවෙන් පිරුන..
    වැටෙන වැහි බිඳු හදවත පසායන..
    කැළඹුවා මතක සයුර රැලි නැගෙන්නට...

    ReplyDelete