Sunday, June 26, 2011

ප්‍රතිගාමියා


මොන විප්ලවයක්ද...
එදා වේල පිරිමහගන්න
ලෝකෙත් එක්ක යුද්ධ කරන්න වෙලා තියෙන අපට...
මහ පුටුවෙ ඉන්න එකා මාරු උනාට
මගෙ පොඩි එවුන් ගෙ
බඩවල් පිරෙයිද?

කෝච්චිය

පෙට්ටි ගොඩක්
පළවෙනි පන්තියෙ
දෙවනි පන්තියෙ
තුන් වෙනි පන්තියෙ
සෙනඟ පුරෝගෙන
එක රේල් පාරක
එක එන්ජිමක් පස්සෙ
දුවනව...

නෑ නෑ
හරිම අසාධරණයක්...
හැම පෙට්ටියකටම එන්ජිම ගානෙ තියෙන්න ඕනෙ...
ඕනෙ තැනක යන්න...
ඕනෙ නම් නොයා ඉන්න...

Friday, June 24, 2011

තුන්මං හංදිය

මේක මගෙ හොඳ යාළුවෙක්, නමින් කිව්වොත් ලහිරු පීරිස් නිකමට වගේ එවපු කයියක්... එත් කොට්ටෙට තියන් වාඩිවෙලා ඉන්න මොළේ පොඩ්ඩක් පාවිච්චි කරන්න වෙන හින්දත් මේ කාලෙ හැටියට කාට කාටත් ප්‍රයෝජනයක් වෙයි කියල හිතිච්ච හින්දත් තමයි මේ කයිය ජාලගත කරන්නෙ...

ඔන්න එකෝමත් එක කාලෙක දිව්‍ය ලෝකෙටයි අපායටයි හැරෙන තුන්මං හංදියෙ දොරටු පාලල දෙන්නෙක් දාල හිටියලු. (වැඩිපුරම ඔය දේශපාලන අත පෙවීම් වලක්වන්න කියලා:)
දෙන්නෙක් වුණාට දෙන්නම එකම වගේ. කිසි වෙනසක් නෑ. ආ... හැබැයි දිව්‍ය ලොකෙ පැත්තෙ පොර ඇත්ත විතරයි කියන්නෙ. අපායෙ පැත්තෙ පොර කියන්නෙ බොරු විතරයි.
දැන් ප්‍රශ්නෙ මේකයි. මළාට පස්සෙ ඔතනට එන පොරකට ඉස්සරහට යන්න පාර හොයාගන්න මුන් දෙන්න ගෙන් තමයි අහන්න වෙන්නෙ. හැමෝම යන්න කැමති දිව්‍ය ලෝකෙටනෙ. ඒත් අහන්න පුළුවන් එකම එක ප්‍රශ්නයයි. ඒකත් එක්කෙනෙක් ගෙන් විතරයි...
දෙන්නම එක වගේ හින්ද කාව තෝරගන්නද කියල හිතා  ගන්නත් බෑ.

දැන් ඔතනට එන්න ඉන්න අපේ ගමරාළ දිව්‍ය ලෝකෙට යන්න පාර හොයාගන්න අහන්න ඕනෙ ප්‍රශ්නෙ තමයි ප්‍රශ්නෙ...

කාටහරි ගමරාළට ටියුෂන් දෙන්න පුලුවන්ද...?

Thursday, June 23, 2011

සමීකරණ

කාලයක්
ඉරි දෙක දෙපැත්තෙන්
අකුරු, ඉලක්කං, සංකල්ප
ලිව්වෙ
සමාන ලකුණ හින්ද
ඒව සමාන වෙයි කියල
හිතාගෙන...

ඒත් පස්සෙ තමයි තේරුණේ
එහෙම දාපු ගොඩක් දේවල්
ඇත්තටම සමාන නැති බව...

Wednesday, June 22, 2011

රතු




ගොඩක් දුර ගියා ට,
අඩුවෙන්ම නැමුන ට,
ගොඩ දෙනෙක් නැතුව
වැඩක් කරන්න අමාරුයි...
 
තරංග ආයාමය ටිකක් වැඩි හින්ද...

Tuesday, June 21, 2011

කෙටි ම රාත්‍රිය






අනේ...
කළුවර රාත්‍රිය...
අවසන්
පිළිසරණ...
ක්‍රිෂ්ණ දෙවිඳුන්
නූපන් ලොවක
නිරුවත් කෙරෙන
ද්‍රෞපදීලා ට...

Monday, June 20, 2011

කළුවර


අපි
හැමදාම 
අන්ධකාරයට සාප කළා
මිසක්
කවදාවත්
පහනක් පත්තු කරන්න
හිතුවෙ නෑ නේද? 






මම දන්නවා
ඕක ගොඩාක් පරණ කතාවක්.

ඒත් තවමත් අපි ඉන්නෙ කළුවරේ නෙ...

වැද්දගෙ කතාව

ඒ වෙලාවෙ දමල ගහල ආවට මොකද,
දැන් නම් හිතට මොකක්ද වගේ..

මොනා වුණත් ලස්සන කෙල්ල.
මේ කැලේ ඔහොම එකක් ආයෙ කොහෙන් හොයන්නද..

ඒකි මොන එහෙකටද මට බොරු කිව්වෙ,
කඩුව දුන්නෙ එයයි කියල,
මට ඌරු ජුවල් නැග්ගා.

ඒත් දැන් තමයි තේරෙන්නෙ
ඒකිටත් වෙන කියන්න දෙයක් නොතිබ්බ බව...

මගෙ වැරැද්දකුත් නෑ.
ඒකි මොනා කිව්වත් අරූ ලෑස්ති වුණේ මාව මරන්න
මම වෙන මොනා කරන්නද..
වෙච්ච දේ වෙලා ඉවරයි...

Sunday, June 19, 2011

කලගුණ සැලකීම

ටොමී
උඹ බල්ලෙක් බව මම දන්නවා

ඒත්
කන්න දීපු අත හපා කන එක...
වැරදියි නේ ද?

Saturday, June 18, 2011

Prisoner's dilemma සිරකරුවන් ගේ උභතෝකෝටිය

Game Theory කියන්නෙ සරලව ම ගත්තොත් ගණිතමය න්‍යායක්. එක් කෙනෙක් ගන්න තීරණ වලට අනිත් අය ගන්න තීරණ බලපාන හැටි තමයි ඒකෙන් කියන්නෙ. වැඩිපුර ම ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව වගේ සමාජයීය විද්‍යා වල භාවිතා වුණත් ජීව විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, සංඛ්‍යානය වගේ අංශ වලත් Game Theory පාවිච්චි වෙනවා. මේ Game Theory යෙ ප්‍රසිද්ධ ගේමක්...


සිරකරුවන් ගේ උභතෝකෝටිය 


හොරු දෙන්නෙක් පොලිසියට මාටිටු. හැබැයි දෙන්නට විරද්ධව  පොලීසිය ළඟ සාක්ෂි නෑ. පොලීසිය දෙන්නව කූඩු දෙකකට දාල වෙන වෙනම මෙහෙම කියනවා..
“අපි ළඟ උඹට විරද්ධව සාක්ෂි නෑ. ඒක  හින්ද උඹව අවුරුද්දකට විතරයි ඇතුළට දාන්න වෙන්නෙ...
හැබැයි උඹේ යාළුවා උඹට විරද්ධව සාක්ෂි දුන්නොත් උඹට අවුරුදු විස්සකට හිරේ යන්න වෙනවා. ඌ නිදහස් වෙනව.
උඹ ඌව පාවල දුන්නොත් උඹ නිදහස්, ඌ අවුරුදු විස්සකට ඇතුළෙ.
උඹල දෙන්නම දෙන්නව ම පාවල දුන්නොත් දෙන්න ම අවුරුදු පහකට හිරේ.
ඉතිං....?“


හොරු ගන්න තීරණය මොකක් වෙයි ද?


මෙච්චර වෙලා මේක කියවපු ඔබ ගන්න තීරණය මොකක් ද?


ඇත්තටම තීරණය හරි සරලයි...



Thursday, June 16, 2011

ඊළඟ මානය

අතීතයෙන් අනාගතය ට
නොවෙනස් ව
නොනැවතී
ඉදිරියට ම
ගලා යන
කාලය

කිසි විටෙක
ආපසු නොබලනා
සිව්වන මානයේ
සරල රේඛාව

පස්වන මානයේ
සුනම්‍යව
කැරකෙමින්
වක් වෙමින්
දඟර වැටෙත්...

පැන්ඩෝරා

අච්චර කට්ටක් කාලා
හෙෆෙස්ටස් දෙයියන් ගෙ ගිනි උදුනෙන්
ගින්දර හොරකං කරං ආපු
ප්‍රොමිතියස්
ඉල්ලුවෙ
"දෙයියන් ගෙ නාමෙන් ඔය පෙට්ටිය අරින්න එපා"
කියල විතරයි...

Wednesday, June 15, 2011

බය


ලෙඩ රෝග...
සාගත...
අමනුස්ස...
මරණ...

නෑ.

සමාජ...

විසුරුණු අළු




















මහ රෑ කාන්තාරය මැද 
සීතල උහුලන්න බැරුව
තිබුණු එකම ඊතණ පඳුරට 
ගිනි තිබ්බා

පහුවදා මද්දහ‍නෙ
දාහය ඉවසන්න බැරි වෙද්දි
මතක් වුණා
අන්තිම වතුර පොදත්
ඉවර වුණු බව....

Tuesday, June 14, 2011

සම්මතය

අධි යථාර්ථවාදී ලෝකයක
ප්‍රබුද්ධ සමාජයක
ඉපදුනු හින්ද
අපි
තවමත්
සිහින දකින්නෙ
හැමෝටම හොරෙන්....



අවදි වීම

මායාව හීනයක් නෙමෙයි... යථාර්ථයක්!