Friday, June 24, 2011

තුන්මං හංදිය

මේක මගෙ හොඳ යාළුවෙක්, නමින් කිව්වොත් ලහිරු පීරිස් නිකමට වගේ එවපු කයියක්... එත් කොට්ටෙට තියන් වාඩිවෙලා ඉන්න මොළේ පොඩ්ඩක් පාවිච්චි කරන්න වෙන හින්දත් මේ කාලෙ හැටියට කාට කාටත් ප්‍රයෝජනයක් වෙයි කියල හිතිච්ච හින්දත් තමයි මේ කයිය ජාලගත කරන්නෙ...

ඔන්න එකෝමත් එක කාලෙක දිව්‍ය ලෝකෙටයි අපායටයි හැරෙන තුන්මං හංදියෙ දොරටු පාලල දෙන්නෙක් දාල හිටියලු. (වැඩිපුරම ඔය දේශපාලන අත පෙවීම් වලක්වන්න කියලා:)
දෙන්නෙක් වුණාට දෙන්නම එකම වගේ. කිසි වෙනසක් නෑ. ආ... හැබැයි දිව්‍ය ලොකෙ පැත්තෙ පොර ඇත්ත විතරයි කියන්නෙ. අපායෙ පැත්තෙ පොර කියන්නෙ බොරු විතරයි.
දැන් ප්‍රශ්නෙ මේකයි. මළාට පස්සෙ ඔතනට එන පොරකට ඉස්සරහට යන්න පාර හොයාගන්න මුන් දෙන්න ගෙන් තමයි අහන්න වෙන්නෙ. හැමෝම යන්න කැමති දිව්‍ය ලෝකෙටනෙ. ඒත් අහන්න පුළුවන් එකම එක ප්‍රශ්නයයි. ඒකත් එක්කෙනෙක් ගෙන් විතරයි...
දෙන්නම එක වගේ හින්ද කාව තෝරගන්නද කියල හිතා  ගන්නත් බෑ.

දැන් ඔතනට එන්න ඉන්න අපේ ගමරාළ දිව්‍ය ලෝකෙට යන්න පාර හොයාගන්න අහන්න ඕනෙ ප්‍රශ්නෙ තමයි ප්‍රශ්නෙ...

කාටහරි ගමරාළට ටියුෂන් දෙන්න පුලුවන්ද...?

No comments:

Post a Comment