Wednesday, June 15, 2011

විසුරුණු අළු




















මහ රෑ කාන්තාරය මැද 
සීතල උහුලන්න බැරුව
තිබුණු එකම ඊතණ පඳුරට 
ගිනි තිබ්බා

පහුවදා මද්දහ‍නෙ
දාහය ඉවසන්න බැරි වෙද්දි
මතක් වුණා
අන්තිම වතුර පොදත්
ඉවර වුණු බව....

6 comments:

  1. ගිණි තිබ්බට පස්සෙ තැවි තැවී ඉඳල හරියන්නැහැ.හාරපං ගොඩක් යටට ඊතණ පඳුර තිබ්බ තැන.වතුර තියෙනවාමයි.

    ReplyDelete
  2. තිබුණ තැන හොයාගන්න අළු ටිකක් වත් නැහැ පේන්න...
    හැමෝම කියනව මෙතන තමයි තැන කියල...
    ඒත් කාටවත් කාවවත් විශ්වාස නෑ...

    ReplyDelete
  3. මෝඩ අදහසක් කියල හිතෙයි.ඒත් සැක කරන තැන් වලට කට්ටිය බෙදල දාල හාරන්න පටන් ගනින්

    ReplyDelete
  4. ඒත් කවුරුවත් කාවවත් විශ්වාස නොකරද්දි...

    ReplyDelete
  5. විශ්වාස කරන ටික දෙනා එක්ක

    ReplyDelete
  6. ඉර තව මුදුන් වෙද්දි
    දාහය තව වැඩි වෙද්දි
    කවුරුවත් කාවවත් විශ්වාස නොකරාවි...

    කවුරුවත් ම...!

    ReplyDelete