Saturday, June 18, 2011

Prisoner's dilemma සිරකරුවන් ගේ උභතෝකෝටිය

Game Theory කියන්නෙ සරලව ම ගත්තොත් ගණිතමය න්‍යායක්. එක් කෙනෙක් ගන්න තීරණ වලට අනිත් අය ගන්න තීරණ බලපාන හැටි තමයි ඒකෙන් කියන්නෙ. වැඩිපුර ම ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව වගේ සමාජයීය විද්‍යා වල භාවිතා වුණත් ජීව විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, සංඛ්‍යානය වගේ අංශ වලත් Game Theory පාවිච්චි වෙනවා. මේ Game Theory යෙ ප්‍රසිද්ධ ගේමක්...


සිරකරුවන් ගේ උභතෝකෝටිය 


හොරු දෙන්නෙක් පොලිසියට මාටිටු. හැබැයි දෙන්නට විරද්ධව  පොලීසිය ළඟ සාක්ෂි නෑ. පොලීසිය දෙන්නව කූඩු දෙකකට දාල වෙන වෙනම මෙහෙම කියනවා..
“අපි ළඟ උඹට විරද්ධව සාක්ෂි නෑ. ඒක  හින්ද උඹව අවුරුද්දකට විතරයි ඇතුළට දාන්න වෙන්නෙ...
හැබැයි උඹේ යාළුවා උඹට විරද්ධව සාක්ෂි දුන්නොත් උඹට අවුරුදු විස්සකට හිරේ යන්න වෙනවා. ඌ නිදහස් වෙනව.
උඹ ඌව පාවල දුන්නොත් උඹ නිදහස්, ඌ අවුරුදු විස්සකට ඇතුළෙ.
උඹල දෙන්නම දෙන්නව ම පාවල දුන්නොත් දෙන්න ම අවුරුදු පහකට හිරේ.
ඉතිං....?“


හොරු ගන්න තීරණය මොකක් වෙයි ද?


මෙච්චර වෙලා මේක කියවපු ඔබ ගන්න තීරණය මොකක් ද?


ඇත්තටම තීරණය හරි සරලයි...



5 comments:

  1. මමනං කට වහං ඉන්නවා.මොනව උනත් එකට හොරකමේ ගිය එකානෙ.පාවල දෙන එක හරි නැහැ නේද?

    ReplyDelete
  2. අනික් එකා උඹව පාවා දුන්නොත්...?
    අවුරුදු විස්සක්...

    ReplyDelete
  3. ඇත්තටම මේ ගේම ඓක්‍යය ශුන්‍ය නොවන ගේමක්(Non-Zero sum game).ඒ කියන්නෙ එක් කෙනෙක් වාසියක් ගන්න අනික් අය පාඩු ලබන්න ඕනෙ නැති ගේමක්.


    මේක දිහා හොඳට බැලුවොත් පෙනේවි
    යාලුවට සහය දීල කට වහගෙන ඉන්න එකයි
    යාලුවව පාවා දීල සාක්ෂි දෙන එකයි ගත්තහම
    යාලුව මොන තීරණය ගත්තත් පාවා දෙන එක අපිට වාසි බව.

    දෙන්නම කට වහගෙන හිටියොත් පැහැදිලිවම දෙන්නටම වෙන වාසිය වැඩියි.

    ඒත් ප්‍රශ්නෙ අනික් එකාව විශ්වාස කරන්න බැරි එක.
    කොච්චර එකට හිටපු එකා වුණත් පාවා දෙන්නෙ ඒකයි.

    ReplyDelete
  4. කොහොම උනත් අන්තිමට දිනන්නෙ පොලීසිය

    ReplyDelete
  5. ඔව්.. හැබැයි ඒ ගේම මේ විදිහට ඉදිරිපත් කරපු හින්දයි.
    ලාබ සහ පාඩු අතර අසමානතාවය ඒ විදිහටම තියා ගෙන මේ ගේම ඕන විදිහකට ඉදිරිපත් කරන්න පුළුවන්...

    ReplyDelete