Sunday, July 3, 2011

සාධාරණීකරණය

අපි තමයි හරි
අපිට වරදින්න විදිහක් නෑ
අපේ සටන උතුම්

අපේ ශුද්ධ වූ දෙවියන් ගේ  නාමයෙන්

අපේ දියුණු ශිෂ්ටාචාරයේ සමෘද්ධියෙන්

අපේ වටිනා නිදහසේ මහිමයෙන්

අපේ පිවිතුරු රුධිරයේ තේජසින්

අපේ ‍‍ශ්‍රේෂ්ඨ නායක තුමා ගේ දෘෂ්ටියෙන්


අපි තමයි හරි
අපිට වරදින්න විදිහක් නෑ
අපේ සටන උතුම්
අපේ සාමය තමයි නියම සාමය...

No comments:

Post a Comment