Thursday, July 14, 2011

වැරැද්ද ii

නිමිත්ත අකූ : රෑ බදුල්ලෝ
වැරැද්ද

අද ත් මේකි ඇවිල්ල
අර තල් කොටේ ට මුවා වෙලා ඉන්නෙ
වෙන ද නං මේ වෙන කොට අර බල්ල ත් ඇවිල්ල
අද පරක්කු යි

අර ඌ එනකං බලාගෙන ඉන්න හැටි
අම්ම අප්ප මැරිල වගේ
මෙච්චර මම මේකි පස්සෙ එද්දි මේකි මේ පර බල්ලෙක් එක්ක තුරුළු වෙන්න හදනව.
මම කාට හරි මේකි ගැන කිව්වනම් මේකි ව මෙලහකට මරල.
ඒත් මමත් ඒකිට ආදරෙයි....

ඒත් උඩ ඉන්න දෙයියන් ගෙ නාමෙන් මම තවත් මේක බලං ඉන්නෙ කොහොමද?

අපේ ජාතිය, අපේ නිජ භූමිය, අපේ සටන පාවා දෙන්න මම තිට ඉඩ තියන්නෑ...
මම,
උඹව  තුරුළු කරන්න බලාගෙන හිටපු මේ අත් දෙකෙන් ම උඹව මරනව... මරනවා....

මරල මමත් මැරෙනව.....

No comments:

Post a Comment