Thursday, July 14, 2011

වැරැද්ද

නිමිත්ත අකූ : රෑ බදුල්ලෝ

හරි
දැන් උඹ කියන්නෙ
රෑට රෑට උඹ ල හම්බුනේ ලව් කරන්න කියල ද?
උඹ එච්චරට ම මෝඩ ද මිනිහෝ...?
ඒ ගෑනි උඹ ට ආදරේ කළා කියල ද උඹ හිතන්නෙ?

ඒකි අපේ හැතිරිය ක්
උන් අපේ එවුන් කී දාහක් නම් මැරුව ද?
උඹ ට ඇත්තට ම පිස්සු ද?

ඒකි උඹ ව රැවැට්ටුවා
වෙලාව ආව නං ඒකි උඹ ව මරන්න දෙපාරක් හිතන්නෙ නෑ
ඒත් උඹ...
උඹ තවමත් ඒකි ට ආදරෙයි කිය කිය ඉන්නව.

දාපල්ල  ඕක ව කූඩුව ට....

2 comments:

  1. පණ්ඩිත් ඒකිත් හුගක් වෙලාවට ආදරේ කරන්න ඇති
    කොල්ලො තරමටම කෙල්ලොත් ආදරෙන් අන්ධ වෙනව ප්‍රැක්ටිකලි
    මොක උනත් සිරා දෘශ්ටිකෝණය මචං :)

    ReplyDelete
  2. වැරැද්ද ii
    http://mayayudha.blogspot.com/2011/07/ii.html

    ReplyDelete