Friday, September 23, 2011
අතුරුදන් වීම
කැන්ටිමට එන කොට එකත් පහු වෙලා. ඉස්කෝලෙ ඇවිදල ඇවිදල මාර මහන්සියි. කැන්ටිමේ අන්තිම බත් එක අරගෙන කන්න ලෑස්ති වුණා විතරයි කුමරි ඇවිත් අහන්න ගත්ත දිනුක කෝ කියල. මම ඉතින් ආපු ගමන් හින්ද බත් කටක් කටේ තියාගෙනම මම ගත් කටටම දන්නෑ කිව්ව.කුමරි අනික් පැත්තට ගස්සල යන ගමන් කියාගෙන ගියා අන්න ලකුණු දාල කියල. මමත් ඉතිං පුළුවං ඉක්මනට කෑම එක කාල උඩට දිව්ව ලකුණු බලන්න. මම නම් පාස්. ඒත් ලකුණු හරිම විකාර විදිහකට තියෙන්නෙ. පනස් ගානක් ෆේල්. මම ලකුණු බලල ආයෙ පහළට එන්න ගත්ත විතරයි විකිය කෝල් කරල අහන්න ගත්ත දිනුක ව දැක්කද කියල. මම ඌටත් නෑ කියල කෙටියෙන් උත්තර දුන්න. ආයෙ පහළට බැස්ස ගමන් කොහෙන්දෝ කඩා පාත් වෙච්ච කළුව ත් ගත් කටටම ඇහුවෙ දිනුක කෝ කියල. මට එපා වුනා. කරදරේ. කළුවට උත්තර දෙන්නෙ නැතුව මම දිනුකට කෝල් එකක් ගත්තෙ හොඳවැයින් දෙකක් තුනක් කියන්න. ඒත් ඩයල් කරන කොටම හච් එකේ අක්ක කියන්න ගත්ත ප්‍රතිචාරයක් නොමැත කියල. මොන මඟුලක්ද, ඕක ඔය වගේ වැඩ කරනව, ගෑණි එක්ක බුක් ෆෙයා යන්න ඇතිය කියල මම කළුවට විස්තරේ කියල මාරු වුණා බැට් එකක් දෙන්න තිබ්බ හින්ද.
රෑ මම බැට් එක ඉවර කරල රෑ කෑම ගන්න යනකොට තමයි ඊළඟ කෝල් එක ආවෙ. පේරාදෙණියෙන්. වැඩේ ටිකක් බරපතලයි වගේ. මූ කොහේ මකබෑවිලාද? ගෙදර වත් ගිහිල්ලද බලන්න ඕනෙ හින්ද මම විකියට කෝල් කරා ගෙදර නොම්මරේ තියෙනවනම් කතා කරල බලන්න කියන්න. මම කෑම අරන් එන කොට විකිය ආයෙ කෝල් කළා. ගෙදර මිනිස්සු හිතන්නෙ ඌ තාම මෙහෙ කියලලු. විකිය යි සිතුමයි උගෙ අනිත් යාළුවන්ට කෝල් කරල බලන්නම් කිව්ව, ඌ එහෙම කොහෙ හරි වත් ගිහිල්ලද බලන්න. මම තවත් පාරක් දිනුකගෙ නොම්මරේ ඩයල් කලා. තාමත් හච් එකේ අක්ක තමයි කතා කරන්නෙ. මම එහෙමම බුවා ටයි කළුවටයි සිද්දිය කිව්ව. උනුත් කිව්වෙ හෙට කොහෙන් හරි ආරංචියක් හම්බවෙයි කියල.
පහුවදා උදේ මම නැඟිටින්න පරක්කු වුණා. වැඩට යනකොටත් පරක්කුයි. ඒ අස්සෙ ඊය ගියෙ නැති එකටත් කේස් එකක් වැටිල. ඔය ජරමර අස්සෙ මට දවල් වෙනකන් විස්තර මුකුත් හොයන්න හම්බුනේ නෑ. දවාලෙ තිබ්බ පැමිණීම අනිවාර්ය කුකක්රි එකකට ත් මිනිහ ඇවිල්ල නෑ. මේ වෙනකොට හැබැයි හැමෝම කතා වෙනව දිනුක ජයකොඩි ගේ අතුරුදන් වීම ගැන. දැන් පැය විසිහතරක් පැනල හින්ද බුවා ල කට්ටිය බොරැල්ල පොලීසියෙ පැමිණිල්ලක් දාල ආව. ඒත් පොලිසියෙන් වැඩි දෙයක් බල්ලපොරොත්තු වෙන්න බැහැ කියල මතයක් ලොකුවට පැතිරෙන්න අරන්. ඒකට ප්‍රධාන හේතුව අපේ ප්‍රධාන සැකකරු, එස්. බී.. අපේ සටන වෙනුවෙන් රජය ට බිලි වුණු වීරයෙක් කියල තමයි නිල වශයෙන් කතාව පැතිරෙන්නෙ.
දවස් දෙකක් ගියෙ නෑ, අභිරහස් ලෙස අතුරුදන් වූ දිනුක ජයකොඩි ගේ අනුවේදනීය කතාව කණා මැදිරි රාත්‍රියෙත් කියන්න ගත්තා. රට පුරාම එක එක මත පැතිරෙන්න ගත්තා. ඒත් ඇත්තටම මොකද වුණේ කියල කවුරුවත් දැනන් හිටියෙ නෑ.
කට්ටිය එක එක මත ඉදිරිපත් කළා. ආණ්ඩුවෙන් කිව්වේ මේක ශිෂ්‍ය සංවිධාන වල කුමන්ත්රනයක් කියල. මෙලහකට මිනිහ නොර්වේ වල සැප ගන්නවා ඇති කියල. ශිෂ්‍ය සංවිධාන වලින් කිව්වේ මේක ආණ්ඩුවේ පැහර ගැනීමක් කියල. ආණ්ඩුවේ මැරයෝ තිරිසන් වධ දෙනවා ඇති කියල. ඒ දවස් වල හොස්ටල් එක ගාව නවතාල තිබ්බ සුදු වෑන් එකක් ගැනත් ලොකු සැකයක් තිබ්බ. අපේ පාලක පන්තියෙන් මේ ගැන කිසිම නිල ප්‍රකාශයක් නිකුත් කලේ නැති වුනත් තැන තැන කතා වෙන දේ වලින් අපිට තේරුනේ මේ ගැන ඒ අය සතුටු වෙනව කියලයි.
අපි කළු පටි බැන්ද. ඉස්සරහ ගේට්ටුව ගාව තව උද්ගෝෂණයක් කලා. මාධ්‍ය සාකච්චාවක් තිබ්බා.ලොකු ෆොටෝ එකක් කොමන් රූම් එකේ එල්ලලා ගුණ නුගුණ සිහි කරා. රටේ හැමෝම කතා කරන මාතෘකාවක් කළා. ඒත් කිසිම ආරංචියක් ලැබුනේ නෑ .
දවස් තුනක් යද්දි හැමෝටම ඔක්කොම අමතක වුණා. කණාමැදිරි රාත්‍රියෙන් වෙනත් අවාසනාවට ඇත්ත කතාවක් කියන්න ගත්තා. මිනිස්සු වෙන වෙන දේවල් ගැන කතා කරන්න ගත්තා . අපිට කළු පටි බඳින එක තහනම් කරලා වැඩට යන්න කිව්වා. දවස් දෙක තුනකට පස්සේ අපිත් ආයෙ පාඩම් කරන්න පටන් ගත්තා . ලෝකේ දිගටම කැරකුනා.
ටික දවසකට පස්සේ ආරඔචියක් ආවා. ආරුක්කු නවයේ පාලම උඩ නිකමට නතර වුන කෝච්චියක හිටපු අය පාලම අයිනේ අමුත්තක් දැකල හොයල බලල තියෙනවා. එතන ලස්සනට පිළිවෙලට එක පේලියට ෆෝන් එකකුයි පර්ස් එකකුයි ලෙන්සුවකුයි තිබිල තියෙනවා. වෙලාවට ඒ ටිකේ වැහැල නෑ. තුනම අපේ දිනුක ජයකොඩි ගේ. ෆෝන් එකේ සිම් එක තිබුනට අනික් හැම දෙයක්ම මකලා. පර්ස් එකේ රුපියල් 200ක් තිබිල තියෙනවා. අනික් දේවල් එහෙමම තිබිල තියෙනවා. ලේන්සුවේ ලොකු නිල් තීන්ත පැල්ලමක් තිබිල තියෙනවා.
ඕක තමයි දැනට කතාව. ඒත් ඉස්සරහට තව මොනව දැන ගන්න ලැබෙයි ද දන්නෙ නෑ.
මෙහි සඳහන් නම් ගම් හා සිද්ධි මනඃකල්පිතයි
Wednesday, August 17, 2011
සාපේක්ෂ නිශ්චලතාව
මිනිස්සු දුවනවා
දුවන වේගෙට ලෝකෙත් කැරකිලා
හීන අමතක වෙලා
හැම දේම වෙනස් වෙලා
මම බලාගෙන ඉන්නවා...
හිටපු තැනම...
Saturday, July 30, 2011
ජීවින ගමන

හැම කන්දක් ම
නඟින කං කිව්වෙ
"මේක විතරයි" කියල...
දැන්,
මුදුනට ම ආව ම
තවත් කඳු නම් නෑ...
ඒත් දැන් කියනව
බහින්න තියෙනව කියල....
Friday, July 22, 2011
හෘද සාක්ෂිය

මොන වැඩේ කරන්න ගත්තත්
මොකක් හරි අවුලක් පෙන්නන්නෙ...
ඕන එකටයි එපා එකටයි හැම එකටම කෑ ගහන්නෙ...
හොඳ නරක මට තේරෙනවා
කියන්න කටක් නොතිබ්බට එනවා මෙතන සාක්කි දෙන්න...
දැන් වත් වහනව කට...
පටු
"අර ගහ ගාව
බංකුවෙ ඉන්නෙ..."
"ඉතින්...?"
"මම බලාගෙන හිටිය,
හැමදාම තනියම ඔතන ...
අර ළමයි සෙල්ලං කරනවා බලාගෙන ඉන්නෙ...
මට මිහිහව සැකයි.
මොකෙක් හරි අපචාර කාරයෙක් ද දන්නෙ නෑ."
"නෑ... නෑ... මිනිහ නරක මනුස්සයෙක් නෙමෙයි."
"කොහොමද එහෙම කියන්නෙ...?
මට නම් මිනිහව තඹේකට විස්වාස නෑ...
පේන්නෙ නැද්ද මූණෙ හැටි..."
"නෑ... නෑ... මම මිනිහ ත් එක්ක කතා කරල තියෙන ව...
දවසක් වහින වෙලාවක අපි දෙන්න ම දුවගෙන බස් හෝල්ට් එකට ආව.
එදා හොඳටම වැස්ස...
ඉතිං කම්මැලි කම යන්නත් එක්ක අපි කතාවට වැටුන..."
"ඉතින් මිනිහ මොකද කිව්වෙ...?"
"මිනිහ ඉන්නෙ තනියම...
මිනිහට ත් අපේ වයසෙ දුවෙක් හිටිය ලු..."
"හිටිය ලු කිව්වෙ?"
"මොකක් ද ලව් කේස් එකකට දිවි නහ ගත්තලු"
"නෑ... මිනිස්සු එච්චරම මෝඩ ද?"
"මිනිහ ගෙ නෝනත් නැතිවෙලා.
ගෙදර සොහොනක් වගේ පාලුයි ලු...
ඒ හින්ද හැමදාම පාක් එකට ඇවිල්ල ළමයි සෙල්ලම් කරනවා බලන් ඉන්නව ලු...
හිතේ සංතෝසයක ට තියෙන්නෙ එච්චරයි ලු."
"පව්..."
"ඔව් පව් තමා.."
Thursday, July 14, 2011
වැරැද්ද ii
නිමිත්ත අකූ : රෑ බදුල්ලෝ
වැරැද්ද
අද ත් මේකි ඇවිල්ල
අර තල් කොටේ ට මුවා වෙලා ඉන්නෙ
වෙන ද නං මේ වෙන කොට අර බල්ල ත් ඇවිල්ල
අද පරක්කු යි
අර ඌ එනකං බලාගෙන ඉන්න හැටි
අම්ම අප්ප මැරිල වගේ
මෙච්චර මම මේකි පස්සෙ එද්දි මේකි මේ පර බල්ලෙක් එක්ක තුරුළු වෙන්න හදනව.
මම කාට හරි මේකි ගැන කිව්වනම් මේකි ව මෙලහකට මරල.
ඒත් මමත් ඒකිට ආදරෙයි....
ඒත් උඩ ඉන්න දෙයියන් ගෙ නාමෙන් මම තවත් මේක බලං ඉන්නෙ කොහොමද?
අපේ ජාතිය, අපේ නිජ භූමිය, අපේ සටන පාවා දෙන්න මම තිට ඉඩ තියන්නෑ...
මම,
උඹව තුරුළු කරන්න බලාගෙන හිටපු මේ අත් දෙකෙන් ම උඹව මරනව... මරනවා....
මරල මමත් මැරෙනව.....

හරි
දැන් උඹ කියන්නෙ
රෑට රෑට උඹ ල හම්බුනේ ලව් කරන්න කියල ද?
උඹ එච්චරට ම මෝඩ ද මිනිහෝ...?
ඒ ගෑනි උඹ ට ආදරේ කළා කියල ද උඹ හිතන්නෙ?
ඒකි අපේ හැතිරිය ක්
උන් අපේ එවුන් කී දාහක් නම් මැරුව ද?
උඹ ට ඇත්තට ම පිස්සු ද?
ඒකි උඹ ව රැවැට්ටුවා
වෙලාව ආව නං ඒකි උඹ ව මරන්න දෙපාරක් හිතන්නෙ නෑ
ඒත් උඹ...
උඹ තවමත් ඒකි ට ආදරෙයි කිය කිය ඉන්නව.
දාපල්ල ඕක ව කූඩුව ට....

Monday, July 11, 2011
Sunday, July 10, 2011
Wednesday, July 6, 2011
මිනිස්සු i
මිනිස්සු හරිම අමුතු ජාතියක්...
කතාව පටන් ගන්න ඕනෙ මිනිසා දේශපාලන සත්ත්වයෙක් ය කියන කතාවෙන්. අපි හැමෝම අහල තිබුණ ඇත්තටම මොකක්ද ඔය කතාවෙ තේරුම? හැබැයි චූටි කාලෙ අපේ තාත්ත ආසාවෙන් ටීවි එකේ දේශපාලන ප්රවෘත්ති බලද්දි ළඟට වෙලා හිටපු එක ඇරෙන්න ඔය ගැන විග්රහ කරන්න මට ඇති සුදුසුකමක් නම් නෑ. ඒත් රටේ ලෝකෙ වෙන එක එක සිද්ධි දිහා බලන් ඉන්න කොට මට ත් නිකමට හිතුන කයියක් දෙන්න.
මීට අවුරුදු දහ දාහකට විතර කලින් තමයි මිනිස්සු එඬේර යුගය අත ඇරල ස්ථිර ජනාවාස හදාගෙන ගොවි යුගය ආරම්භ කරන්නෙ. එතකං මහා තැනිතලා වල විසිරිලා හිටපු කට්ටිය ගොවිතැනට සුදුසු සශ්‍රීක ගංගා නිම්න වල රැස් වෙන්න ගත්ත. සමාජ ක්‍රමයක් බිහි වෙන්න ගත්ත. හැබැයි ඒත් එක්කම කට්ටියට තේරෙන්න ගත්ත ඉස්සර වගේ හැමෝටම ඇති තරම් ගොවි බිම්, හරක-බාන, වතුර, කොටින්ම කිව්වොත් සම්පත් නැති විත්තිය. ඔන්න පළවෙනි ප්‍රශ්නෙ: අසීමිත අවශ්‍යතා හමුවේ සම්පත් වල සීමිත බව...
ඉතිං ඔය සීමිත සම්පත් ටික කට්ටිය පුලු පුලුවං විදිහට අයිති කර ගත්ත. මොනා වුණත් ජීවත් වෙන්න ඔය ටික ඕනෙ නෙ. ඊට පස්සෙ බලාගෙන ගියා ම සමහරු වැඩිපුර අයිති කරගෙන. දෙවෙනි ප්‍රශ්නෙ: සීමිත සම්පත් වල අසමාන ව්‍යාප්තිය...
ඔන්න දැන් ලොකු ප්රශ්නය ක්. සම්පත් සීමිත වුණා වගේ නෙමෙයි, කවුරුවත් කොහොමද එහෙම වැඩිපුර අයිති කර ගන්නෙ? මේක ඇත්තටම පවතින සමාජ ක්‍රමයට ම තර්ජනයක්.
සරල විසඳුම, ප්රචණ්ඩත්වය.
ඒත් ප්‍රචණ්ඩත්වයෙන් ගොඩක් දුර යන්න බෑ නෙ. පැවැත්මක් නෑ.
ඊට වඩා හොඳ විසඳුමක් දේශපාලනය.
ඒ කියන්නෙ සම්පත් වල විෂම ව්‍යාප්තිය පැහැදිලි කරල දෙන එක.
සම්පත් වල විෂම ව්‍යාප්තිය කියන්නෙ සරලවම ටික දෙනෙක් සම්පත් වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන එකට. ඒ ටික දෙනා එහෙම කරන්නෙ ඇයි කියන එක තමයි දේශපලනය කියන්නෙ.
එදා මෙදා තුර ඒක ට එක එක කයි දීල තියෙනවා.
උදාහරණයක් ගත්තොත් "දෙවියන්" කියන්නෙ එහෙම හොඳ කයියක්.
මැවුම්කාර ලෝක පාලක දෙවියන් වහන්සේ ගේ නියෝජිතයන් ට එහෙම ටිකක් වැඩිපුර සම්පත් තිබ්බයි කියල වැරද්දක් කියන්න බෑනෙ.
ඌර්, කීෂ්, ලගාෂ්, නිප්පූර් වගේ මෙසපොතේමියානු පෞර රාජ්‍ය වල වුණේ මේක තමයි. නගරයේ බලය තිබුණෙ පූජක පන්තිය අතේ.
නයිල් නදී ශිෂ්ටචාරය පැත්තට යනකොට පාලකයා දේවත්වය ලබනවා. උදා සහ සන්ධ්‍යා තරුව වෙන මහා පාරාවෝ කියල ඒ පාලක පදවියේ නම වෙනස් වෙනවා.
දැන් මේ එන්න එන්න සංවිධානය වෙන සමාජය ට පේනවා වටපිටාවෙ තියන සම්පත් වෙන වෙන කට්ටිය පාවිච්චි කරන බව. කලින් කිව්ව වගේ වැඩි වැඩියෙන් සම්පත් අයිති කර ගන්න ඕනෙ හින්ද අර සරල විසඳුම, ඒ කිව්වෙ ප්රචණ්ඩත්වය ආයෙමත් කරළියට එනවා. යුද්ධය පටන් ගන්නවා.
යුද්ධ කරන්න නම් ඒක ට හමුදාවක් ඕනෙ. ඒ හමුදාව මෙහෙයවන්න නායකයෙක් ඕනෙ. ඒ නායකයා ශක්තිමත් ම, දක්ෂ ම සටන් කරු වෙන්න පුලුවන්. නැත්නම් කපටි ම උපාය-මාර්ග ශිල්පියා වෙන්න පුලුවන්. කොහොම වුනත් යුද්ධයෙන් අයිති කර ගන්න සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නෙ හමුදා ප්‍රධානිය ට තමයි.
මේ විදිහට දේව වරමින් හරි යුධ බලයෙන් හරි ඒ ඒ පාලකයන් ට අසීමිත බලයක් ලැබෙනවා. මේ පාලන ක්‍රමයට නමක් දෙනවා ස්වාධිකාරීතාව Despotism කියල.
මම මේ ඉතාමත් සරල ව ඉතාමත් වේගයෙන් ඉදිරිපත් කලේ මගේ දැනුම ට අනුව මිනිස් සමාජ ක්රමයේ ඉතිහාසය. කතාව තවම ඉවර නෑ. ඒත් මේ ටික ටයිප් කරන්නත් දවස් හතරක් ගිය හින්ද ඉතිරි ටික වෙලා තියෙන හැටියට තව ටික දවසකින් ජාලගත කරන්නම්.

Monday, July 4, 2011
Sunday, July 3, 2011
සාධාරණීකරණය
අපි තමයි හරි
අපිට වරදින්න විදිහක් නෑ
අපේ සටන උතුම්
අපේ ශුද්ධ වූ දෙවියන් ගේ නාමයෙන්
අපේ දියුණු ශිෂ්ටාචාරයේ සමෘද්ධියෙන්
අපේ වටිනා නිදහසේ මහිමයෙන්
අපේ පිවිතුරු රුධිරයේ තේජසින්
අපේ ශ්‍රේෂ්ඨ නායක තුමා ගේ දෘෂ්ටියෙන්
අපිට වරදින්න විදිහක් නෑ
අපේ සටන උතුම්
අපේ ශුද්ධ වූ දෙවියන් ගේ නාමයෙන්
අපේ දියුණු ශිෂ්ටාචාරයේ සමෘද්ධියෙන්
අපේ වටිනා නිදහසේ මහිමයෙන්
අපේ පිවිතුරු රුධිරයේ තේජසින්
අපේ ශ්‍රේෂ්ඨ නායක තුමා ගේ දෘෂ්ටියෙන්
අපි තමයි හරි
අපිට වරදින්න විදිහක් නෑ
අපේ සටන උතුම්
අපේ සාමය තමයි නියම සාමය...
අපේ සාමය තමයි නියම සාමය...
Saturday, July 2, 2011
ලොකු
අපි ට
පුංචි කාලෙ දි
ලොකු වුණාම
හැසිරෙන්න ඕනෙ හැටි
ගැන ගොඩාක් දේවල්
කියල දෙනවා...
ඒත්
පස්සෙ කාලෙක
ඒ කියපු විදිහට
කවුරුවත් හැසිරෙන්නෙ නෑ
කියල
තේරුම් යනවා...
එහෙම වුණාම
කියනවා
"ලොකු වුණා"
කියල...
Sunday, June 26, 2011
ප්‍රතිගාමියා
මොන විප්ලවයක්ද...
එදා වේල පිරිමහගන්න
ලෝකෙත් එක්ක යුද්ධ කරන්න වෙලා තියෙන අපට...
මහ පුටුවෙ ඉන්න එකා මාරු උනාට
මගෙ පොඩි එවුන් ගෙ
බඩවල් පිරෙයිද?
කෝච්චිය
පෙට්ටි ගොඩක්
පළවෙනි පන්තියෙ
දෙවනි පන්තියෙ
තුන් වෙනි පන්තියෙ
සෙනඟ පුරෝගෙන
එක රේල් පාරක
එක එන්ජිමක් පස්සෙ
දුවනව...
නෑ නෑ
හරිම අසාධරණයක්...
හැම පෙට්ටියකටම එන්ජිම ගානෙ තියෙන්න ඕනෙ...
ඕනෙ තැනක යන්න...
ඕනෙ නම් නොයා ඉන්න...
පළවෙනි පන්තියෙ
දෙවනි පන්තියෙ
තුන් වෙනි පන්තියෙ
සෙනඟ පුරෝගෙන
එක රේල් පාරක
එක එන්ජිමක් පස්සෙ
දුවනව...
නෑ නෑ
හරිම අසාධරණයක්...
හැම පෙට්ටියකටම එන්ජිම ගානෙ තියෙන්න ඕනෙ...
ඕනෙ තැනක යන්න...
ඕනෙ නම් නොයා ඉන්න...
Friday, June 24, 2011
තුන්මං හංදිය

ඔන්න එකෝමත් එක කාලෙක දිව්‍ය ලෝකෙටයි අපායටයි හැරෙන තුන්මං හංදියෙ දොරටු පාලල දෙන්නෙක් දාල හිටියලු. (වැඩිපුරම ඔය දේශපාලන අත පෙවීම් වලක්වන්න කියලා:)
දෙන්නෙක් වුණාට දෙන්නම එකම වගේ. කිසි වෙනසක් නෑ. ආ... හැබැයි දිව්‍ය ලොකෙ පැත්තෙ පොර ඇත්ත විතරයි කියන්නෙ. අපායෙ පැත්තෙ පොර කියන්නෙ බොරු විතරයි.
දැන් ප්‍රශ්නෙ මේකයි. මළාට පස්සෙ ඔතනට එන පොරකට ඉස්සරහට යන්න පාර හොයාගන්න මුන් දෙන්න ගෙන් තමයි අහන්න වෙන්නෙ. හැමෝම යන්න කැමති දිව්‍ය ලෝකෙටනෙ. ඒත් අහන්න පුළුවන් එකම එක ප්රශ්නයයි. ඒකත් එක්කෙනෙක් ගෙන් විතරයි...
දෙන්නම එක වගේ හින්ද කාව තෝරගන්නද කියල හිතා ගන්නත් බෑ.
දැන් ඔතනට එන්න ඉන්න අපේ ගමරාළ දිව්‍ය ලෝකෙට යන්න පාර හොයාගන්න අහන්න ඕනෙ ප්‍රශ්නෙ තමයි ප්‍රශ්නෙ...
කාටහරි ගමරාළට ටියුෂන් දෙන්න පුලුවන්ද...?
Thursday, June 23, 2011
සමීකරණ
කාලයක්
ඉරි දෙක දෙපැත්තෙන්
අකුරු, ඉලක්කං, සංකල්ප
ලිව්වෙ
සමාන ලකුණ හින්ද
ඒව සමාන වෙයි කියල
හිතාගෙන...
ඒත් පස්සෙ තමයි තේරුණේ
එහෙම දාපු ගොඩක් දේවල්
ඇත්තටම සමාන නැති බව...
ඉරි දෙක දෙපැත්තෙන්
අකුරු, ඉලක්කං, සංකල්ප
ලිව්වෙ
සමාන ලකුණ හින්ද
ඒව සමාන වෙයි කියල
හිතාගෙන...
ඒත් පස්සෙ තමයි තේරුණේ
එහෙම දාපු ගොඩක් දේවල්
ඇත්තටම සමාන නැති බව...
Wednesday, June 22, 2011
රතු
ගොඩක් දුර ගියා ට,
අඩුවෙන්ම නැමුන ට,
ගොඩ දෙනෙක් නැතුව
වැඩක් කරන්න අමාරුයි...
තරංග ආයාමය ටිකක් වැඩි හින්ද...
Tuesday, June 21, 2011
කෙටි ම රාත්‍රිය
අනේ...
කළුවර රාත්‍රිය...
අවසන්
පිළිසරණ...
ක්රිෂ්ණ දෙවිඳුන්
නූපන් ලොවක
නිරුවත් කෙරෙන
ද්රෞපදීලා ට...
Monday, June 20, 2011
කළුවර
අපිහැමදාමඅන්ධකාරයට සාප කළා
මිසක්
කවදාවත්
පහනක් පත්තු කරන්නහිතුවෙ නෑ නේද?
මම දන්නවා
ඕක ගොඩාක් පරණ කතාවක්.
ඒත් තවමත් අපි ඉන්නෙ කළුවරේ නෙ...
වැද්දගෙ කතාව

දැන් නම් හිතට මොකක්ද වගේ..
මොනා වුණත් ලස්සන කෙල්ල.
මේ කැලේ ඔහොම එකක් ආයෙ කොහෙන් හොයන්නද..
ඒකි මොන එහෙකටද මට බොරු කිව්වෙ,
කඩුව දුන්නෙ එයයි කියල,
මට ඌරු ජුවල් නැග්ගා.
ඒත් දැන් තමයි තේරෙන්නෙ
ඒකිටත් වෙන කියන්න දෙයක් නොතිබ්බ බව...
මගෙ වැරැද්දකුත් නෑ.
ඒකි මොනා කිව්වත් අරූ ලෑස්ති වුණේ මාව මරන්න
මම වෙන මොනා කරන්නද..
වෙච්ච දේ වෙලා ඉවරයි...
Sunday, June 19, 2011
Saturday, June 18, 2011
Prisoner's dilemma සිරකරුවන් ගේ උභතෝකෝටිය
Game Theory කියන්නෙ සරලව ම ගත්තොත් ගණිතමය න්‍යායක්. එක් කෙනෙක් ගන්න තීරණ වලට අනිත් අය ගන්න තීරණ බලපාන හැටි තමයි ඒකෙන් කියන්නෙ. වැඩිපුර ම ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව වගේ සමාජයීය විද්‍යා වල භාවිතා වුණත් ජීව විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, සංඛ්‍යානය වගේ අංශ වලත් Game Theory පාවිච්චි වෙනවා. මේ Game Theory යෙ ප්‍රසිද්ධ ගේමක්...
සිරකරුවන් ගේ උභතෝකෝටිය
හොරු දෙන්නෙක් පොලිසියට මාටිටු. හැබැයි දෙන්නට විරද්ධව ම පොලීසිය ළඟ සාක්ෂි නෑ. පොලීසිය දෙන්නව කූඩු දෙකකට දාල වෙන වෙනම මෙහෙම කියනවා..
“අපි ළඟ උඹට විරද්ධව සාක්ෂි නෑ. ඒක හින්ද උඹව අවුරුද්දකට විතරයි ඇතුළට දාන්න වෙන්නෙ...
හැබැයි උඹේ යාළුවා උඹට විරද්ධව සාක්ෂි දුන්නොත් උඹට අවුරුදු විස්සකට හිරේ යන්න වෙනවා. ඌ නිදහස් වෙනව.
උඹ ඌව පාවල දුන්නොත් උඹ නිදහස්, ඌ අවුරුදු විස්සකට ඇතුළෙ.
උඹල දෙන්නම දෙන්නව ම පාවල දුන්නොත් දෙන්න ම අවුරුදු පහකට හිරේ.
ඉතිං....?“
හොරු ගන්න තීරණය මොකක් වෙයි ද?
මෙච්චර වෙලා මේක කියවපු ඔබ ගන්න තීරණය මොකක් ද?
ඇත්තටම තීරණය හරි සරලයි...

Thursday, June 16, 2011
ඊළඟ මානය
පැන්ඩෝරා
Wednesday, June 15, 2011
Subscribe to:
Posts (Atom)